Monday, July 14, 2025
Follow Us
නෙළුම් කුළුණෙන් හොරා කාපු අයයි චෝදනා කරපු අයයි ඔක්කොම එක පැත්තෙ ! දෙන්නටම ලැජ්ජාවක් නෑ !

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දරන සමයේදී රාජපක්ෂලාට එල්ල කළ චෝදනා අනුව, මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙන්ම රාජපක්ෂලාට ද කිසිදු ලැජ්ජාවක් නොමැති බව මේ වනවිට තහවුරු වී ඇතැයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. අද (21) ජවිපෙ මූලස්ථානයේ පැවති මාද්‍ය හමුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

නෙළුම් කුළුන ඉදිකිරීම්වලින් මහින්ද රාජපක්ෂලා රුපියල් කෝටි 200 ක් ගසා කෑ බව නෙළුම් කුළුන විවෘත කරන අවස්ථාවේදී පැවසූ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද මහින්ද රාජපක්ෂ මහතා සමග එකට සිටගෙන ඇති බවත්, ඒ අනුව නෙළුම් කුළුනෙන් හොරා කෑ පාර්ශ්වය සහ හොරා කෑ බවට චෝදනා කළ පාර්ශ්වයද එකම වේදිකාවකට එකතු වී සිටින බවත් ජවිපෙ මන්ත්‍රීවරයා පවසයි.

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ සයින්දමරුදු නගර සභාව පිහිටුවීමට අදාල ගැසට් නිවේදනය අහෝසි කළේ මහ මැතිවරණයේදී සිංහල ඡන්ද ඉලක්ක කරගෙන බවයි. මහ මැතිවරණයෙන් පසුව එම නගර සභාව පිහිටුවීම ආණ්ඩුව විසින් අනිවාර්යෙන් සිදු කරන බව ද මන්ත්‍රීවරයා පවසනවා. එදා ජනාධිපතිවරණ සමයේදී සයින්දමරුදු නගර සභාව පෙන්වමින් මුස්ලිම් ජනතාවගේ ඡන්ද ලබාගත් රාජපක්ෂලා අද සිංහල ඡන්ද දිනා ගැනීම සඳහා ද එයම භාවිතා කරමින් සිටින බව ද ඔහු පවසනවා.

(LNW)