Sunday, January 18, 2026
Follow Us
වත්මන් ජනපති-හිටපු ජනපති පැය එක හමාරක සාකච්ඡාවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් තරග කිරිම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා දයාසිරි ජයසේකර මගින් ද අමරවීර යන මහත්වරුන් ද එම සාකච්ඡාවට සහභාගී වී ඇත.

සන්ධානයෙන් තරග කිරිමේ දී පොදුජන පෙරමුණේ ඇතැම් මැති ඇමැතිවරුන්ගෙන් එල්ල වන චෝදනා නව යෝජනා කටයුතු මැතිවරණ ව්‍යාපෘතිය මෙහෙයවීම ආදිය සම්බන්ධයෙන් එහිදී පිරිස අතර පැය එකහමාරකට අධික කාලයක් සාකච්ඡා පැවැති බව වාර්තා වේ.

(Lanka Leads)