Sunday, January 18, 2026
Follow Us
විපක්ෂයේ ක්‍රියාකලාපය හමුවේ ආණ්ඩුවේ ස්ථාවරය කියයි

පාර්ලිමේන්තුවට ඊයේ (20) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු අතුරු සම්මත ගිණුම සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කළ යෝජනාව ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් ජනතාවට සිදු වන අපහසුතාවලට විපක්ෂය වගකිව යුතු බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මෙම පාර්ලිමේන්තු කාල සීමාව තුළ එම යෝජනාව යළි පාර්ලිමේන්තුවට ගෙන ඒමට රජය කටයුතු නොකරන බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ.

විපක්ෂයේ කි‍්‍රයාමාර්ගය හේතුවෙන් ආණ්ඩුවට කිසිඳු බලපෑමක් එල්ල නොවුණු බව ද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් පැවසුවා.

ඉකුත් වසරේ සම්මත කර තිබූ මෙම වසරේ මුල් කාර්තුව වෙනුවෙන් ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව සඳහා ආණ්ඩුව සංශෝධන දෙකක් ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණා. ඒ, රටේ වියදම් වෙනුවෙන් සහ ණය ලබාගැනීම වෙනුවෙන්.

(Neth)