Monday, July 14, 2025
Follow Us
සජිත් විපක්ෂ නායක වුණාම ඩීල් දේශපාලනය අවසන් වුණා. ඊයේ පෙනුනේ ඒකයි - මරික්කාර්

සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් අනතුරුව එතෙක් පැවති ඩීල් දේශපාලනය අවසන් වූ බවත් ඊයේ පාර්ලිමේන්තුවේදී දැකගන්නට ලැබුණේ එය බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

"රජය පාර්ලිමේන්තුවට පනතක් ගේන්න හැදුවා තව විශාල බිලියන ගාණය ණය මුදලක් ගන්න. ඇත්ත වශයෙන්ම කියනවා නම් දැන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉන්දියාවට ගිහිල්ලා කිව්වා ලංකාවට ණය ගෙවීමේ හැකියාවක් නෑ කියලා. අද එහෙම තියෙද්දි හොර රහසේ තමයි මේක පාර්ලිමේන්තුවට දාලා පාස් කරලා තව ගිනි පොළියට ණය ගන්න ලෑස්ති වුණේ.

විශේෂයෙන්ම අපෙ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මැදිහත්වීම මත අපි කිව්වා සංවර්ධන ව්‍යාපෘතිවලට මුදල් ගෙවන්නම්, හැබැයි ණය උගුලක මේ රට පටළවන්න අපි සූදානම් නෑ කියලා. ඒ නිසා ඔවුන් පනත ගේන්නෙ නැතුව පනත හකුළා ගත්තා. මෙයින් ඔප්පු වෙන්නෙ මොකද්ද ? අද වර්තමාන පාර්ලිමේන්තුවේදී සජිත් ප්‍රේමදාස මැතිතුමා විපක්ෂ නායකයා වීමත් එක්ක ඩීල් දේශපාලනය ඉවර වෙලා තියෙනවා. රට වෙනුවෙන් හිතන දේශපාලනයක් තමයි දැන් තියෙන්නෙ.

අපි ආණ්ඩුවට අභියෝග කරනවා. හරි, අයවැය ගේන්න. දවස් 10ක් ඇතුළත අයවැය ගේන්න, අපි එක හෙළාම සියලු දෙනාම අත උස්සලා සහයෝගය දෙන්න අපි ලෑස්තියි කියන එකත් කියන්න ඕනෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

(LNW)