Monday, July 14, 2025
Follow Us
නව ලංකා නිදහස් පෙරමුණෙන් කුමාර වෙල්ගම මහ ඡන්දයට

නව ලංකා නිදහස් පෙරමුණ ලෙස නව පෙරමුණකින් ඉදිරි මහ මැතිවරණයට තරග කරන බව කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. නව පෙරමුණේ නායකයා ලෙස තමා කටයුතු කරන බව කී මන්ත‍්‍රීවරයා, එහි සභාපති හා ලේකම් ඇතුළු නිලධාරීන් හා ලකුණ ඉදිරියේදී ප‍්‍රකාශයට පත් කරන බවද කීවේය.

නව පෙරමුණ ලියාපදිංචි කිරීම සඳහා මේ වනවිටත් මැතිවරණ කොමසාරිස්වරයා වෙත අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ නව පෙරමුණ එළිදක්වන බවත් වෙල්ගම මහතා සඳහන් කළේය.

මේවන විටත් පිළිගත් දේශපාලන පක්ෂ හයක් නව පෙරමුණ සමග එක්වීමට කැමැත්ත පළ කර ඇති බව කී මන්ත‍්‍රීවරයා, පොදුජන පෙරමුණට අකැමැති ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට මෙන්ම සියලූ දෙනාට නව පෙරමුණට එක් විය හැකි බවද කීවේය.

(Lanka Leads)