Monday, July 14, 2025
Follow Us
වෙල්ගම දිනාගන්න ගන්න පාර්ශ්ව 05 ක් සටනේ

මේ වනවිට දේශපාලන පක්ෂ 05 කින්, එම පක්ෂවලට එකතු වන්නැයි තමන්ට ආරාධනා කර ඇති බවත්, එම ඇතැම් පක්ෂවල නායකත්වය ලබාදීමට වුවද ඔවුන් සූදානමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. කෙසේ නමුත් තමන් ඒ පිළිබඳව කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීම සඳහා කුමාර වෙල්ගම මහතා සූදානම් වන අතර මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ඔහු පවසනවා. ඒ පිළිබඳව මැතිවරණ කොමිසම ද දැනුවත් කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වත්මන් ආණ්ඩුවට එරෙහිව තමන් අනිවාර්යෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන බවත්, ඒ වෙනුවෙන් මහසෝනා සමග වුවද එකතුවීමට තමන් සූදානම් බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි. මේ වනවිට ශ්‍රීලනිපයට සහ එජාපයට මෙරට දේශපාලනය තුළ කිසිදු ඉඩක් නොමැති බවත් ඒවා නාමික පක්ෂ බවට පත්ව ඇති බවත් පෙන්වා දෙන වෙල්ගම මහතා පවසන්නේ, නව දේශපාලන පක්ෂයක් සමග දේශපාලනය කිරීමට තමන් ඉදිරියේදී කටයුතු කරනු ඇති බවයි.

(LNW)