යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාව විසින් සංචාරක තහනමක් පැනවීම කිසිසේත්ම අනුමත කළ නොහැකි අතරම ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ද සද්භාවයෙන් නොවන බවත් ආණ්ඩුව මෙයින් හුදු දේශපාලන වාසියක් පමණක් අත්පත් කරගැනීමට උත්සාහ දරමින් සිටින බවත් හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඇමරිකාව මුලින්ම සංචාරක තහනම පැනවූයේ තමන්ට බවත් අදටත් තමන්ට ඇමරිකාවට වීසා නොලැබෙන බවත් සිහිපත් කළ ඒ මහතා අද කිඹුල් කඳුළු හෙළන අය එදා ඊට එරෙහිව කිසිවක්ම සිදු නොකළ බවයි පෙන්වා දුන්නේ.
"එතුමා හොඳ නිලධාරියෙක්, අපේ යුධ හමුදාපති වර්තමාන. එතුමාට තහංචියක් දාපු එක අනිවාර්යයෙන්ම අපට අනුමත කරන්න බෑ.
නමුත් මම මෙතනදි මතක් කරලා දෙන්න ඕනෙ, එතුමාට පමණක් නොවෙයි යුධ හමුදාවේ 50කට අධික සංඛ්‍යාවකට ඇමරිකා එක්සත් ජනපදය මේ තහංචිය දාලා තියෙනවා. ඉස්සෙල්ලම ඔය තහංචිය දැම්මෙ මට. මම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අපේ එවකට හිටපු ජනාධිපති එක්ක, ඔහුගේ නියෝජිතයෙක් හැටියට, ඔහුත් සමඟ යන ඇමතිවරු කීපදෙනෙක් යන්න හිටියා සැසිවාරයට, මම සහභාගී වෙන්න යනකොට මට වීසා දුන්නෙ නෑ.
මට ඇමරිකාවට ඇතුළ් වෙන්න අද වෙනකොටත් වීසා නෑ. මගේ තිබුණු ග්‍රීන්කාඩ් එකත් ඒගොල්ලො අවලංගු කරලා තියෙන්නෙ. එතකොට මට ඒ තත්වයට මුහුණ දෙන්න වුණේ යුද්ධයට අණ දුන්න හමුදාපති හැටියට. ඒ වෙලාවෙ ඔය දැන් කෑකෝ ගහන, දේශපාලන වාසිගන්න හදන අය, මේක වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන අය මං වෙනුවෙන් කතා කළේ නෑ. ඒක හින්දා වැඩේ වැරදියි, නමුත් දේශපාලන වාසි ගන්න හදන, කිඹුල් කඳුළු හෙළන අය කරන්නෙත් මේක සද්භාවයෙන් නෙවෙයි" යැයි ඒ මහතා සඳහන් කළේය.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ ඊයේ (19) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
(LNW)