නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඡන්ද ලකුණ වන හංසයා ලකුණ සමගි ජන බලවේගය සඳහා ලබාගැනීමේ ගැටලුවක් මතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අද මැතිවරණ කොමිසමේ බලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී මෙම ගැටලුව සම්බන්ධයෙන් දැනුවත් වූ බවයි මහ ලේකම්වරයා පවසන්නේ.
සාකච්ඡාව සඳහා සහභාගි වූ එජාප නායකයන් හංසයා ලකුණ සමගි ජන බලවේගය සඳහා ලබා ගැනීමේ හැකියාව පිළිබඳව මැතිවරණ කොමිසමේ බලධාරීන්ගෙන් විමසා ඇති අතර එහිදී බලධාරීන් පෙන්වා දී තිබෙන්නේ ඒ පිළිබඳව කිසිදු ගැටලුවක් නොමැති බවයි. එහෙත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඡන්ද ලකුණ වන හංසයා සමගි ජන බලවේගය පක්ෂයට ලබා දුනහොත් එය නැවතත් වසර පහක් යනතෙක් එසේ නැතහොත් මීළඟ මහ මැතිවරණය තෙක් සමගි ජන බලවේගය සතුවන බවත්, අදාල කාලසීමාව අවසන් වනතෙක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හංසයා ලකුණ සඳහා හිමිකම් කීමට නොහැකි බවත් මැතිවරණ බලධාරීන් පෙන්වා දුන් බවයි අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ.
මතුව ඇති මෙම තත්වය සම්බන්ධයෙන් අදාල පක්ෂ දෙකේ නිළධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසු අවසන් තීරණයකට පැමිණිය යුතු බවත් එසේ සාකච්ඡා කිරීමෙන් තොරව ඒ පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු පෙන්වා දෙනවා. කුමන ලකුණක් තෝරා ගත්තද අවසන් තීරණය ගනු ලබන්නේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය බව ද එජාප මහ ලේකම්වරයා පවසනවා.
(LNW)