Monday, July 14, 2025
Follow Us
හංසයා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයත් අනුමත කරයි

ඉදිරි මහ මැතිවරණයේදී ජාතික සමඟි පෙරමුණෙන් පුළුල් සන්ධානයක් ලෙස හංසයා ලකුණින් තරඟ වැදීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ
අනුමැතිය හිමිව තිබේ.

අද (19) පෙරවරු 10.00ට පමණ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස් වුණේ මෙම සන්ධානය හා ලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහාය.

ඒ අනුව හංසයා ලකුණටත් පෙරමුණටත් අනුමැතිය හිමිව තිබෙන අතර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් මැතිවරණය මෙහෙයවීමට තීරණය වී ඇත.

මේ අතර හංසයා ලකුණ නව සන්ධානයට ලබාගත හැකිද යන්න පිළිබඳව අද පස්වරු 01.30ට පමණ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමඟ සාකච්ජා කිරීමටද නියමිතව තිබේ.

කෙසේවෙතත් පැවති අර්බුද අද දින නිමා වූ බවයි දෙපාර්ශවයම සඳහන් කරන්නේ.

(LNW)