ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට වසර 2040 පමණ වනතෙක්ම ශ්‍රී ලංකාවේ දේශපාලන සිතියම ඇඳ අවසන් කර ඇති බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා පවසයි.
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිතියක් තියෙනවා එයාලාගෙ අදහස කියන්න. හැබැයි ඒ සියල්ල කළමනාකරණය කරලා අවශ්‍ය හොඳම දේ බැසිල් රාජපක්ෂ මැතිතුමා කරයි. මොකද එතුමා තීන්දුවක් ගන්නවා නම් ඒ ගන්න තීන්දුව හැමෝටම යහපත් තීන්දුවක්.
එතුමා කිව්වා නම් මේක වෙන්න ඕනෙ මෙහෙමයි කියලා, සමහර වෙලාවට ඒක කියන වෙලාවෙ ඒ අය තේරුම් ගන්නෙ නෑ. හැබැයි අවසානයේ හැමෝටම තේරෙනවා ඔහු ඉතාම නිවැරදි තීන්දුවක් ගත්තා කියලා. මම කියන්නෙ බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ සිතියම ඇඳලා තියෙන්නෙ. ඒක හෙට අනිද්දාට එතුමාම එළියට කියයි. මොකද්ද වෙන්න ඕනෙ කියලා එතුමා දැන් හදලා තියෙන්නෙ.
ඒ ඔළුව ඇතුළෙ මේ ලංකාවෙ දේශපාලනය 2040 විතර වෙනකල් ඉස්සරහට වැඩපිළිවෙල හදලා ඉවරයි. ඒක මේ දවස ගාණෙ අද වෙන්නෙ මොකද්ද කියලා නෙවෙයි. ඒක ඉතාම අනාගතවාදී දේශපාලන වැඩපිළිවෙලක්. මේ මහ ඡන්දෙට වෙන්න ඕනෙ මොකද්ද, කරන්න ඕනෙ මොකද්ද, කොතනද පළවෙනි රැස්වීම තියන්න ඕනෙ, කොතනද දෙවැනි රැස්වීම තියන්න ඕනෙ, කොතනද ස්පීකරේ බඳින්න ඕනෙ කියලත් බැසිල් රාජපක්ෂ මහත්තයා තීරණය කරලා ඉවරයි දැන්.
ඒ කියන්නෙ ඔහු ඒක අකුරටම කරනවා. ඒක පක්ෂයට යහපතක් වගේම සහෝදර පක්ෂ සියල්ලටම සාධාරණයක් වෙලා රටේ මිනිස්සු විසින් ඉල්ලා සිටින ජයග්‍රහණය තියෙන්නෙත් ඒ තීන්දුව ඇතුළෙ. ඒ නිසා ඒක හොඳටම වෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
සංජීව එදිරිමාන්න මහතා මේ බව ප්‍රකාශ කර තිබුණේ ඒෂියන් මිරර් වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
(LNW)