Wednesday, August 26, 2026
Follow Us
පොහොට්ටුවේ අයිතිය ගැන පැහැදිළි කෙරේ

ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය එළැඹෙන මහ මැතිවරණයේදී පොහොට්ටුව ලකුණින් තරග වැදුනද, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට පොහොට්ටුව ලකුණ අහිමි නොවන බව දේශපාලන විශ්ලේෂකයින් පවසනවා.

ඒ, එළැඹෙන මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීමට ඔවුන් සූදානම් වන්නේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ යටතේ වීම හේතුවෙන්.

මහ මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් පක්ෂ 10 ක් එක්ව ගොඩනගන්නේ නාමික සන්ධානයක්.

ඒ අනුව නාමයෝජනා භාරදෙන පක්ෂයට එහි ලකුණ ඉදිරි ඕනෑම මැතිවරණයකට භාවිත කළ හැකි බවයි දේශපාලන විශ්ලේෂකයින් පැවසුවේ.

(Neth)