Monday, July 14, 2025
Follow Us
රන්ජන්ගේ හඬපට මන්ත්‍රීවරුන් වෙත

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කළ දුරකතන සංවාද හඬපට අතරින් හඬපට 19 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදීමට තීරණය කර ඇති බව කතානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් මෙම හඬපට මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන්නේ සංස්කරණය කිරීමෙන් අනතුරුවයි.

අදාල හඬපට සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිව්දෙනා බැගින් නියෝජනය වන කමිටවුක් පත්කළ අතර එම කමිටුව විසින් නිර්දේශ කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත හඬපට නිකුත් කරන්නේ නම් ඒවා සංස්කරණය කළ යුතු බවයි.

කතානායකවරයා මේ බව සභාවට දැනුම් දීමෙන් පසුව ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කළ අතර කතානායකවරයා ඉන්පසු ප්‍රකාශ කළේ හඬපට නිකුත් කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් විරෝධය දක්වන්නේ නම් හඬපට මන්ත්‍රීවරුන් වෙත ලබා නොදෙන බවයි.

(LNW)