Monday, July 14, 2025
Follow Us
උතුරු නැගෙනහිරට පොහොට්ටුව නැහැ - ඇමති දයාසිරි ජයසේකර

ඊලඟ මහ මැතිවරණයේදී උතුරු නැගෙනහිර පළාත් සඳහා බුලත් කොළය ලකුණෙන් තරග කිරිමට සිදුවෙනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කර සිටිනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය තවමත් ශක්තියක් සන්ධානයක් බවත් ඉදිරි මහ මැතිවරණයේදී බුලත් කොලය ලකුණින් උතුරු නැගෙනහිර පළාත් සඳහා ජන්දයට ඉදිරිපත් වන්නේ ද යන්න සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ජා කරමින් පවතින බව අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කර සිටියා.

කොළඹදී අද (18) පැවති මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

(Neth)