Friday, October 18, 2024
Follow Us
කැබිනට් රැස්වීමේ අවුලට තීන්දුවක් ගන්න හැටි එජාපය කියයි

අමාත්‍ය මණ්ඩල රැස්වීම දිගින් දිගටම නොපැවැත්වුවහොත් ඒ සම්බන්ධයෙන් ගත යුතු ක‍්‍රියාමාර්ග පාර්ලිමේන්තුව මගින් තීරණය කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට රාජ්‍ය නිලධාරීන් කැඳවන්නේ නම් තමන් අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී නොවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මීට පෙර ප‍්‍රකාශ කළා.

ඒ අනුව ඊයේ (11) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වුණේ නැහැ. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමක දී එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද (12) මෙලෙස අදහස් දක්වා සිටියා.

එහිදී "කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට වග කියන්න ඕනෙ. ජනාධිපතිතුමාත් පාර්ලිමේන්තුවට වග කියන්න ඕනේ. ඒ නිසා මේ පාර්ලිමේන්තුවෙන් අපිට අවශ්‍ය වුණොත් තීන්දු තීරණ ගන්න පුළුවන්.. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අපි කුමණ ක්‍රියාමාර්ගයක් ගන්නවාද කියලා." යනුවෙන් සඳහන් කළා.

විධායකය හා ව්‍යවස්ථාදායකය අතර මතුව ඇති ගැටුම හේතුවෙන් රට අරාජික වී ඇති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවා. ඒ සම්බන්ධයෙන් ද එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප‍්‍රතිචාර දැක්වූවා.

එහිදී කියා සිටියේ ජනාධිපතිවරයා සිටින මතය පිළිබඳව එතුමා සමග ඉදිරියේදී සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිතව ඇති බවයි.

(Neth)