Friday, October 18, 2024
Follow Us
එක නීතියකට අපි යටත් නැහැ - අපිට ශරියා නීතිය ඕනේ (VIDEO)

ශරියා නීතිය ඉවත් කිරීමට එකඟ නොමැති අතර මුස්ලිම් ජනතාවට එම නීතිය අවශ්‍ය බව හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පැවසීය.

හිටපු ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේ ඊයේ (11) පාස්කු ප්‍රහාරය සමබන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සාක්ෂි ලබා දෙමිනි.

මුස්ලිම් ජනතාවට මාර්ගෝපදේශකත්වය සපයන්නේ ශරියා නීතියෙන් බව ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් ශරියා නිතිය ඉවත් කොට රට එක් නීතියක් යටතට පත්කිරීම සඳහා මේ වන විට යෝජනා වී තිබේ.

 

ජනාධිපතිගෙන් වැඩක් වුණෙත් නැහැ

සහාරන් හෂීම් ප්‍රමුඛ ජාතික තවුහිද් ජමාත් සංවිධානය සම්බන්ධයෙන් අවස්ථා තුනකදී ජනාධිපතිවරයාව දැනුවත් කළද ඉන් පලක් නොවුණ බවද අසාද් සාලි මහතා පැවසීය.

හිටපු ආණ්ඩුකාරවරයා මේ බව පැවසුවේ ජනාධිපතිවරයාට සමීපතම අයෙකු ලෙස කටයුතු කළ ඔබ වැනි තැනැත්තෙකු පැවසූ දෙයක් හෝ ජනාධිපතිවරයා විසින් අවධානයට නොගත්තේදැයි කමිටු සාමාජික හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමිනි.

අවස්ථා දෙකකදී ජනාධිපතිවරයා විසින් තමන් පැවසූ කාරණය සටහන් කර ගත් අතර තුන්වන අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට දුරකථනයෙන් කතාකර පැවසූ නමුත් එය කෙටි දුරකථන සංවාදයකට සීමා වූ බවයි සාලි මහතා කියාසිටියේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේ පටන් තමන් සහරාන් හෂීම් ගැන තොරතුරු ලබාදුන් අතර 21 ප්‍රහාරයට සතියකට පමණ පෙර හිටපුආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා තමන් ඇතුළු කිහිප දෙනෙක් ගෙන්වා මෙම ප්‍රශ්නයට සවන් දුන් බවයි ඔහු සඳහන් කළේ.

21 ප්‍රහාරයේ අවධානම සමබන්ධයෙන් ප්‍රභූ ආරක්ෂක අංශයවෙත ලැබුණු ලිපියේ තිබූ නම්ගම් ඇතුළු විස්තර සම්බන්ධයෙන් තමන් මීට පෙරම තොරතුරු ලබා දුන් නමුත් ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමු නොකිරීම සම්බන්ධයෙන් තමන් ඒ මොහොතේම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙත දුරකථනයෙන් පැවසූ බවද අසාද් සාලි මහතා ප්‍රකාශ කළේය.

 

ඇමති හලීම් සහ NTJ සම්බන්ධය අසාද් සාලි හෙළිකරයි

මෙම කාරණයේදී විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය හැසිරුණ ආකාරය පිළිබඳ තමන් සතුටු නොවන බවයි හෙතෙම පැවසුවේ. පොලිසිය ජාතික තවුහිද් ජමාත් සංවිධානයට සහය දුන් බවට ඔහු චෝදනා කළේය. තම නිලධාරීන් පොලිස්පතිවරයාගේ නියෝගය පවා නොසලකා හැරි බව හිටපු ආණ්ඩුකාරවරයා පැවසුවේය.

 

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේගේ ක්‍රියාවෙන් තමන් ත්‍රස්තවාදියෙකු බවට පත්වූ අතර උන්වහන්සේ විසින් බෞද්ධයන්ද කෙළෙසූ බව ඔහු වැඩිදුරටත් කියාසිටියේය.

(LNW)