Friday, May 03, 2024
Follow Us
රනිල් වසර 5ක්ම නායකත්වයේ

තවත් වසර පහක කාලයක් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ කටයුතු කිරීමට කැමැති බව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ප්‍රකාශ කළ බව අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා ඊයේ (11 වැනිදා) ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව රනිල් වික්‍රමසිංහ මහතාට වසර හයක නායකත්වයේ සිටිය හැකි බවද ඒ අනුව තවත් වසර පහක් නායකත්වයේ සිටීමට ඔහුට බලය ඇතැයිද මන්ත්‍රීවරයා කීවේය.

අදාළ කාලය සම්පූර්ණ වන තුරු තමන් නායකත්වයේ සිටීමට කැමැති බව රනිල් වික්‍රමසිංහ මන්ත්‍රී කණ්ඩායමට පැවැසූ බව කී අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා සජිත් ප්‍රේමදාස අගමැතිවරයා යටතේ ඉදිරියේදී රනිල් වික්‍රමසිංහට වැදගත් අමාත්‍යාංශයක ඇමැති ධුරය ලබාදෙන බවද කීවේය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (11) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ බව කීවේය.

(Aruna)