Saturday, May 04, 2024
Follow Us
මෛත්‍රීපාල සිරිසේන ගැන ජනතාවට විශ්වාසයක් නෑ. ඒක පැහැදිලිවම කියන්න ඕනෑ - ෂෙහාන්

මැතිවරණයක් ජයග්‍රහණය කිරීමේ ප්‍රධාන සාධකය විශ්වාසය වන නමුත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෙරෙහි ජනතාවගේ කිසිදු විශ්වාසයක් නොමැති බව කණගාටුවෙන් වුවත් ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

"මේ ඕනෑම හදන සන්ධානයක් තුළ සම නායකත්වයක් තියෙන්න බෑ. එහි අනිවාර්යයෙන්ම නායකයා විය යුත්තේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා. ඒ හින්දා සම නායකත්වයක් කිසිදු අවස්ථාවක අපි හදන සන්ධානය තුළ තවත් කෙනෙකුට ලබාදෙන්න අපි කටයුතු කරන්නෙ නෑ. හැබැයි ඒ සහයෝගය බිඳින්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් ඇයි මේ වෙනකොට කටයුතු කරලා තියෙන්නෙ ?

ලාංඡනය මේකට ප්‍රශ්නයක් වෙන්නෙ නෑනෙ. ලාංඡනය රටම සහ ජනතාව පිළිගත් පොහොට්ටුව !

ඊළඟට ඊළඟ මැතිවරණය ජයග්‍රහණය කිරීමේ ප්‍රධාන සාධකය විශ්වාසය. දැන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් ජනතා විශ්වාසය දිනාගෙන තියෙනවා. එතකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සම්බන්ධයෙන් ජනතා විශ්වාසයක් නැහැ. ඒක ඉතා පැහැදිලිව කණගාටුවෙන් වුණත් කියන්න ඕනෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ෂෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)