Saturday, May 04, 2024
Follow Us
සමගි ජාතික බලවේගයේ කෙටි යෙදුමත් UNP… එම නමින් තවත් පක්‍ෂයක් එපා… එජාප නීති ලේකම් මැකොගෙන් ඉල්ලයි

සජිත් පේ‍්‍රමදාස මහතා විසින් පිහිටුවීමට යන සමගි ජාතික බලවේගයේ ඉංගී‍්‍රසි නාමයේ කෙටි යෙදුම යූඇන්පී යන්නට සමාන වන බැවින් එම නමින් දේශපාලන පක්‍ෂයක් ලියාපදිංචි නොකරන ලෙස එක්සත් ජාතික පක්‍ෂ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඊයේ (11 දා) ලිපියක් යවමින් ඉල්ලා තිබේ.

එම සම්පූර්ණ ලිපිය මෙසේය.

සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්‍ෂයක් ලියාපදිංචි කිරීම සඳහා ඔබ වෙත ඉදිරිපත් කර ඇති බව දැනගැනීමට ලැබී ඇත. එම පක්‍ෂයේ නමේ ඉංගී‍්‍රසි පරිවර්තනය වන්නේ ඹබසඑැා භ්එසදබ්ක ඡුදඇර යන්නයි. එය කෙටි කළ විට ඹභඡු ලෙස දැක්වේ.

මෙය එක්සත් ජාතික පක්‍ෂයේ ඉංගී‍්‍රසි පරිවර්තනය වන ඹබසඑැා භ්එසදබ්ක ඡු්රඑහ යන්නෙහි කෙටි යෙදුම වන ඹභඡු යන්නට සමාන යෙදුමකි.

එබැවින් සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්‍ෂයක් ලියාපදිංචි කළහොත් එය එක්සත් ජාතික පක්‍ෂයේ කෙටි යෙදුම වන ඹභඡු යන්නට සමාන වන බැවින් ඉහත නමින් දේශපාලන පක්‍ෂයක් ලියාපදිංචි නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

එසේම යම් කිසි දේශපාලන පක්‍ෂයක නමේ ඉංගී‍්‍රසි පරිවර්තනය කෙටි කළ විට ඹභඡු ලෙස දැක්වෙන්නේ නම් එවැනි කිසිදු දේශපාලන පක්‍ෂයක් ලියාපදිංචි කිරීමට කටයුතු නොකරන ලෙසට කාරුණිකව ඉල්ලා සිටිමි.

එසේම පවත්නා දේශපාලන පක්‍ෂයක නම වෙනස් කිරීමේදී ද එහි ඉංගී‍්‍රසි පරිවර්තනයේ කෙටි යෙදුම ඹභඡු ලෙස දැක්වෙන්නේ නම් එවැනි නම් වෙනස් කිරීමක් පිළිනොගන්නා ලෙසද තවදුරටත් ඉල්ලා සිටිමි.

(Lanka Leads)