එජාපයේ මූලිකත්වයෙන් ගොඩනැගෙන සන්ධානය අලුත් නමකින් සහ අලුත් ලකුණකින් පිහිටවීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සජිත් පාර්ශ්වයේ බලාපොරොත්තුවයි. කෙසේ වෙතත් අද පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඊට එරෙහිව එජාප මන්ත්‍රීවරුන් පිිරිසක් අදහස් දක්වා තිබේ.
එහිදී බහුතරයකගේ මතය වී ඇත්තේ කුමන සන්ධානයක් හෝ මැතිවරණයට ඉදිරිපත් වියයුත්තේ අලිියා ලකුණින් බවයි. එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද අලියා ලකුණ වෙනුවට වෙනත් ලකුණකින් ඉදිරිපත් වීම ප්‍රතික්ෂෙප කර තිබේ.
එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ අලියා ලකුණින් තරග කිරීමට තමන් ද කැමති බවයි. එහෙත් දේශපාලන පක්ෂ රැසක් සන්ධානයට එක්වන බැවින් අලුත් ලකුණකින් ඉදිරිපත් වීම වැදගත් බව ඔහු පවසා තිබෙනවා.
ඡන්ද ලකුණ සම්බන්ධයෙන් ඇති වූ මතගැටුම සමනය නොවීම නිසා ඒ සම්බන්ධයෙන් තීරණය කිරීම එජාප උපදේශක කමිටුව වෙත පවරා තිබෙනවා. එම කමිටුව හරහා අලියාගෙන් තරග කරන්නේද වෙනත් ලකුණකින් තරග කරන්නේද යන්න සම්බන්ධයෙන් දින දෙකක් තුළදී තීරණය කිරීමට නියමිතය.
මේ අතර නව සන්ධානයේ නිළධාරී මණ්ඩලය තෝරා ගැනීම සඳහා නවීන් දිසානායක, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල යන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක්ද පත්කර තිබෙනවා.
(LNW)