Sunday, July 13, 2025
Follow Us
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඇරඹෙයි

එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වනවිට පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී ආරම්භ වී තිබෙනවා. ඊට සහභාගිවීම සදහා පක්‍ෂ නායක, රනිල් වික්‍රමසිංහ සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද පැමිණ සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

සරත් ෆොන්සේකා, කබීර් හෂීම්, නවීන් දිසානායක, මංගල සමරවීර, රවී කරුණානායක සහ රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් පිරිසක්ද ඊට සහභාගිවීම සදහා පැමිණි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. අද පැවැත්වෙන එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එළඹෙන මහ මැතිවරණය සදහා තරග වදින නව සන්ධානයේ නම සහ ලකුණ පිළිබදවද අවසන් තීරණයකට එළඹෙනු ඇති.

(Neth)