Sunday, July 13, 2025
Follow Us
කැබිනට් ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු අතර මනාප වලට සීතල යුද්ධයක්

එළඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතර මනාප පොරය දැනටමත් ආරම්භ වී ඇති බව වාර්තා වේ.

මෙම තත්වය විශේෂයෙන් පොදුජන පෙරමුණේ මධ්‍යම හා දකුණු පළාතේ දෙපලනඥයන් අතර පැහැදිලිව දක්නට ලැබෙන බව පැවසේ.

එසේම ඇතැම් දිස්ත්‍රික්කවල උත්සව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන්ට ආරාධනා නොකිරීම, නොසලකා හැරීම සහ අපහාස කිරීම වැනි සීතල යුද්ධයක් දැනටමත් ආරම්භ වී ඇති බව දැනගන්නට තිබේ.

කෙසේ වෙතත්, රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සහ ඔවුන්ගේ දිස්ත්‍රික්ක නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු කෙරෙහි දක්වන එවැනි සතුරුකම් පිළිබඳව ඇතැම් අමාත්‍යවරුන් දැඩි කලකිරීමට පත්ව සිටිති.

වයඹ පළාතේ පොදුජන පෙරමුණේ ප්‍රධාන පෙළේ දේශපානඥයෙක් ප්‍රදේශයේ පක්ෂ සංවිධායකයින් කැඳවා තමා පක්ෂයේ ඉහළ තනතුරකට පත් කිරීමට නියමිත බැවින් තමා හැර වෙන කිසිවෙකුට ඡන්දය නොදෙන ලෙස ඉල්ලා තිබේ.

(Lanka Leads)