මෙම වැඩසටහනේදී එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න දැඩි ලෙස අවධාරණය කර සිටියේ, ඉදිරි මහ මැතිවරණයේදී රාජපක්ෂ පවුලේ ආණ්ඩුවකට තුනෙන් දෙකේ බලයක් ලබා නොදිය යුතු බවයි.
”දැනටමත් ජනාධිපති රාජපක්ෂ කෙනෙක්. අගමැති රාජපක්ෂ කෙනෙක්. ආරක්ෂක රාජ්‍ය ඇමති රාජපක්ෂ කෙනෙක්. රාජ්‍ය ආයතනවලින් සියයට 60ක් 70ක් තියන්නේ මේ රාජපක්ෂ පවුල යටතේ. ඉතින් එහෙම තියද්දි තුනෙන් දෙකකුත් දුනොත් ඒකාධිපති පාලනයක් ඇතිවෙනවා ඒකාන්තයි.
දැනට පවතින 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් එසේ ඒකාධිපතියකු බිහිවීමේ ඉඩ යම් තරමකින් අහුරලා තියනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙලා ඉන්නකොට 18 වැනි ව්‍යවස්ථා සංශෝධය ගෙනත් මැරෙනතුරුම ජනාධිපති විදියට ඉන්න හදපු හැටි මතකද ?
කොහොමවුනත් අපට පුළුවන් වුනා රාජපක්ෂලාගේ ඒ ඒකාධිපති ගමන 2015දී නවත්වන්න. දැන් ආපසු එවැනි තැනකට රට වැටෙන්න දෙන්න බැහැ. වැරදිලාවත් දෙන්න එපා රටම ඉවරයි.”
රාජපක්ෂවරුන් තුනෙන් දෙකක් ඉල්ලන්නෙම ආණ්ඩුවේ නොහැකියාව නිසා යයි මෛත්‍රී ගුණරත්න මෙහිදී අවධාරණය කර සිටියේය.
(Lanka Leads)