Monday, January 19, 2026
Follow Us
රාජිතට-අර්ජුණට එ.ජා.ප දොර ඇරේ පාඨලීට වැසේ

එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගන්නා ලෙස හිටපු ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න සහ අර්ජුණ රණතුංග යන මහත්වරුන්ට එජාප ජ්‍යෙෂ්ඨයන් ආරාධනා කර ඇත.

එජාප සාමාජිකත්වය ලබා ගන්නේ නම් රාජිත සේනාරත්න මහතාට ඉහළ තනතුරක් ද ලබා දීමට සූදානම් බව පවසා තිබේ.

කෙසේ වෙතත් හිටපු ඇමැතිවරයකු වන පාඨලී චම්පික රණවක මහතාට එවැනි ආරාධනාවක් කර නැතැයි එජාප ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයකු සති අන්ත ජාතික පුවත්පතකට පවසා ඇත.

(Lanka Leads)