ඉකුත් රජය සමයේ අමාත්‍යවරුන්ට මිලදී ගෙන ඇති වාහන සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ වහාම විමර්ශනයක් සිදුකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. පානදුර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකදී මන්ත්‍රීවරයා මේ බව කියාසිටියා.
මේ අතර නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් කියාසිටියේ පාස්කු ප්‍රහාරයෙන් සති දෙකක් ගත වන්නට පෙරද අමාත්‍යවරුන් සදහා වාහන 2 ක් ගෙන්වා ඇති බවයි.
අදාළ වාහන ගෙන්වා ඇත්තේ තමන්ගේ පෞද්ගලික පරිහරණයට නොවන බවට වාහන ගෙන්වූ ලැයිස්තුවේ නම් සදහන් හිටපු සහ වර්තමාන අමාත්‍යවරුන් සිදුකරන ප්‍රකාශවලටද මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රතිචාර දැක්වූවා.
(Neth)