ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ තරග නොවැදුණහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකුට සීමා වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කරයි.
"මේ විනය පරීක්ෂණ දාලා තියෙන්නෙ කාටද ? පොහොට්ටුවෙ මැතිවරණ වේදිකාවට ගොඩවෙච්චි අයට. හැබැයි සජිත් ප්‍රේමදාසගෙ වේදිකාවට ගොඩවෙච්ච සමහර අයට විනය පරීක්ෂණ නෑ. ඉතිං සජිත් ප්‍රේමදාස මහත්තයගෙ වේදිකාවට ගොඩවෙච්චි අයට විනය පරීක්ෂණ නෑ කියන කාරණය තුළම පොහොට්ටුවට එකතු වෙච්චි අයට විනය පරීක්ෂණ තියනවා කියන කාරණය තුළම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියන ආදරය පිළිබඳ ප්‍රශ්නාර්ථ ලකුණක් මතුවෙනවා නේද ?
පොහොට්ටුවෙන් තරග නොකළොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔය කියන ගාණට ( මන්ත්‍රී ධුර දෙකක් තුනක් ) සීමා වෙන්න ඉඩ තියෙනවා. පොහොට්ටුවෙන් තරග නොකළොත්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරග කළොත් එහෙම අබසරණයි !" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (08) තමන්ට එරෙහිව ශ්‍රීලනිපය විසින් පවත්වන ලද විනය පරීක්ෂණයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)