Monday, January 19, 2026
Follow Us
මහ ඡන්දෙට බැසිල් නෑ

ඉරිදා ජාතික පුවත්පතකට සම්මූඛ සාකච්ඡාවක් ලබාදෙන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ එළබෙන මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත්වීමට බලාපොරොත්තු නොවන බවයි.

මාධ්‍යවේදියා ඔහුගෙන් ප්‍රශ්න කර සිටින්නේ මහ මැතිවරණයට ඉතා කෙටි කලයි තියෙන්නේ ඔබගේ තත්වය කෙසේද යන්නයි.

ඊට පිළිතුරු දෙන බැසිල් රාජපක්ෂ මහතා පවසන්නේ දැනට තිබෙන තත්වය අනුව මම ඡන්දයට ඉදිරිපත් වෙන්නේ නැහැ.

ඒක කාලය අනුව තීන්දු වෙයි. දැනටනම් ඉන්නේ ඡන්දේට ඉල්ලන්නේ නැහැ කියන ස්ථාවරයේයි යැයි පවසා ඇත.

(Lanka Leads)