Monday, January 19, 2026
Follow Us
රංජන්ගේ හඬපට සංස්කරණය කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීමට එකඟතාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විසින් හැන්සාඩ් දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති හඬපටවල ජාතික ආරක්ෂාවට බලපාන කරුණු, ප්‍රභූ දේශපාලනඥයින්ට අපහාසවන කරුණු සහ පාර්ලිමේන්තුවට නොගැළපෙන වචන ඇත්නම් ඒවා ඉවත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදීමට තීරණය කර තිබේ.

ඊයේ (07) පස්වරුවේ පාර්ලිමේන්තුව සංකීර්ණයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම එකඟතාවට එළඹ ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ද තීරණය කර ඇත්තේ මෙසේ එම හඬපට සංස්කරණය කිරීමෙන් අනතුරුව කථානායක කරූ ජයසූරිය මහතා විසින් ඒවා යළි පරීක්ෂා කර බලා අවසන් තීරණයකට පැමිණිය යුතු බවය.

(LNW)