Friday, October 18, 2024
Follow Us
රිෂාඞ් – හිස්බුල්ලා ප‍්‍රධාන මාතෘකාව කර ආණ්ඩුව රටේ ප‍්‍රශ්න අමතක කරලා

වත්මන් ආණ්ඩුව රිෂාඞ් බදුර්දීන් හා හිස්බුල්ලා රටේ ප‍්‍රධාන මාතෘකාව බවට පත් කර මහජනතාවගේ සෑම ප‍්‍රශ්නයක් ම අමතක කර දමා ඇතැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ආණ්ඩුවේ කි‍්‍රයාකාරකම් පිළිබඳ විපක්‍ෂය මෙන්ම මේ රටේ සියලූ මාධ්‍යයන් දැඩි අවධානයෙන් යුතුව බලා සිටින බවද බැඳුම්කර වංචාවේ මහමොළකරු වූ අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ තවමත් නිදැල්ලේ පසු වන බවද ඔහු ශී‍්‍ර ලංකාවට ගෙන්වා

ගැනීමේ උනන්දුවක් ආණ්ඩුවට දැන් නැතැයිද හෙතෙම සඳහන් කළේය.

මහා මැතිවරණයක් පැවැත්වුවහොත් එක්සත් ජාතික පක්‍ෂය අන්ත පරාජයකට පත්වන බව ඉරහඳ සේ විශ්වාස යැයි කී මහින්ද රාජපක්‍ෂ මහතා මීළඟ මැතිවරණයේදී ආයෙත් බලයට එන බව කියමින් එජාපයේ මැති ඇමැතිවරුන් බොරුවට දොඩවන නමුත් සමහර මැති ඇමැතිවරු පරාජයට පත් වන නිසා මැතිවරණයට ඉදිරිපත් නොවන බවට තොරතුරු ලැබී ඇතැයි ද කීවේය.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයේ වරද පිළිනොගෙන ආණ්ඩුව තවමත් එම වැරැුද්ද ගැන වෙන අයට චෝදනා නඟන බවද හෙතෙම කීවේය.

(Lanka Leads)