Monday, January 19, 2026
Follow Us
පොහොට්ටුවට එක්වන්න ආ ෆයිසර් මුස්තාපාව හරවා යවයි !

තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්කරගන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා කළ ඉල්ලීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත.

අගමැතිවරයා සඳහන් කර ඇත්තේ මේ අවස්ථාවේදී පක්ෂයට සාමාජිකයන් බඳවා නොගන්නා බැවින් එය පසුව සලකා බැලිය හැකි බවයි.

මේ අතර ෆයිසර් මුස්තාපා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් කර ගැනීම සම්බන්දයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධය පල කර ඇතැයි වාර්තා වෙයි.

(Lanka Leads)