විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් කණ්ඩායමක් විසින් පිහිටුවීමට නියමිත නව සන්ධානය කඩාකප්පල් කිරීමේ මෙහෙයුමක් කි‍්‍රයාත්මක වෙමින් ඇති බවට ඔහුට සහය දක්වන පාර්ශ්වය චෝදනා කරනවා.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය දක්වන කණ්ඩායමක් විසින් මෙම කඩාකප්පල් කිරීමේ මෙහෙයුම ආරම්භ කර ඇති බවයි සජිත් පාර්ශ්වය චෝදනා කරන්නේ.
නව සන්ධානය නව ලකුණක් මෙන්ම නමක් යටතේ ලියාපදිංචි කිරීමට සජිත් පාර්ශ්වය තීන්දු කර තිබුණද අලියා ලකුණ යටතේ ඉදිරි මැතිවරණය තරග කිරීමට රනිල් පාර්ශ්වය තීරණය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඉකුත් 05 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ද කල්දමා තිබුණේ ඒ අනුවයි. සජිත් පාර්ශ්වය එහිදී නව සන්ධානයේ නම සහ ලකුණ පිළිබඳ කෘත්‍යාධිකාරි මණ්ඩලයට දැනුම්දීමට සැලසුම් කර තිබුණා.
එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ යෝජිත නව සන්ධානයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.
එහිදී "බහුතරයක් ඉන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමග ගමනක් යන්නයි. වෘත්තිකයෝ, විද්වතුන්, ව්‍යාපාරිකයෝ, ක්‍රීඩකයෝ, සිවිල් ක්‍රියාකාරීන් ආදී විශාල පිරිසක් අපිත් එක්ක එකතු වෙන්න බලාගෙන ඉන්නවා. ඒ අයත් එකතු කරගෙන ඉදිරියේදී මැතිවරණ දිස්ත්‍රික්කවලට අවශ්‍ය නාමයෝජනා සකස් කරනවා. " යනුවෙන් සඳහන් කළා.
කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂය තුළ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය විසඳා ගැනීමට වෙන්වී ඇති සියලූ කණ්ඩායම් එක්විය යුතු බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර වජිර අබේවර්ධන ප‍්‍රකාශ කළේ.
(Neth)