පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක කටහඬ පරීක්ෂණයක් සඳහා අද (07) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කෙරෙනවා.
ඒ අනුව අද පෙරවරුවේ මෙම පරීක්ෂණය සඳහා මන්තී‍්‍රවරයා ඉදිරිපත් කරන බවයි බන්ධනාගාර නිලධාරීන් නිල වශයෙන් දැනුම් දී ඇත්තේ.
මෙලෙස රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා කටහඬ පරීක්ෂණයක් සඳහා යොමු කෙරෙන්නේ ආන්දෝලනාත්මක හඬපට සිද්ධියට අදාළවයි. මෙවැනි කටහඬ පරීක්ෂණයක් සඳහා මන්තී‍්‍රවරයා ඉදිරිපත් කරන පළමු අවස්ථාව ද මෙය වනවා.
ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් මීට පෙර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදු කළා. එහිදී ලබා ගත් හඬ සාම්පල සහ මන්තී‍්‍රවරයාගෙන් ලබා ගන්නා හඬ සාම්පල සංසන්දනය වේදැයි පසුව සොයා බලන බවයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ.
ඊට අදාළ වාර්තාව ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
(Neth)