Saturday, July 12, 2025
Follow Us
රන්ජන් පාර්ලිමේන්තුවට දුන් හඬපට හිරුණිකා ඉල්ලයි

රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවට ලබාදී ඇති හඬපට ලබාගැනීම සඳහා මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබාදෙන බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

අදාල හඩපට සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඊයේ (05) පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් කථානායකවරයා මේබව ප්‍රකාශ කළේය.

එහිදි ප්‍රශ්න කළ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවේ රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවට ලබා දී ඇති හඬ පට පාර්ලිමේන්තු පුස්තකාලයෙන් ඉල්ලා සිටියද තමන්ට එය ලබා දීම ප්‍රථික්ෂේප කළ බවයි.

පක්ෂ නායක රැස්වීමෙන් අනතුරු ලබා ගන්නා තීරණයෙන් පසුව අදාල හඬපට ලබා දෙන්නේද නැද්ද යන්න තීරණය කරණ බව පැවසු බවත් ඇය ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් තමන්ට අදාල හඬපට යොදා ගනිමින් චෝදනා කළ බැවින් එම හඬ ලබා ගැනීමට තමන්ට අවශ්‍ය බවද මන්ත්‍රීවරිය පැවසීය.

(Lanka Leads)