Saturday, July 12, 2025
Follow Us
ගෝඨාභය-මහින්ද-බැසිල් රහස් හමුවක්: තීරණාත්මක දේශපාලන තීන්දු ගණනාවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර ඉතා තීරණාත්මක හමුවක් පැවැත්වී ඇති බව ‌දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් සදුදා (03) දින දිවයිනට පැමිණිමෙන් පසු තිදෙනා අතර ‌මෙම රහස් හමුව පැවැත්වී ඇත.

මෙහිදී ඉදිරියේදී ‌පොහොට්ටුවේ ප්‍රධානත්වයෙන් බිහි කිරීමට නියමිත ‌පොදු සන්ධානය පිළිබදවත්, එහි ව්‍යුහය පිළිබදවත්, ඉදිරි මහ මැතිවරණය පිළිබදවත් ඉතා තීරණාත්මක තීන්දු තීරණ රැසක් ‌ගෙන ඇති බවක් දැනගන්නට තිබේ.

එමෙන්ම මහමැතිවරණය ‌මෙහෙයවීමේ වගකීම සම්පූර්ණයෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ‌වෙත පැවරීමටද ‌‌මෙහිදී තීන්දු වී ඇත.

කෙසේවෙතත් ඇතැම් පාර්ශ්වයන් මත පළ කරමින් කියා සිටියේ ජනාධිපතිවරණයෙන් පසු රාජපක්ෂවරුන් අතර යම් යම් මතගැටුම් නිර්මාණය වී ඇතිි බවත්, ‌මේ ‌හේතුවෙන් බැසිල් රාජපක්ෂ මහතා විදෙස්ගත වී සිටි බවත්ය.

(Lanka Leads)