ගොඩනැගීමට යන පුළුල් දේශපාලන සන්ධානයේ මහ ලේකම් ධුරය සඳහා සජිත් පේ‍්‍රමදාස මහතා විසින් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නම් කළ ද පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයේ වැඩි කැමැත්ත වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නවීන් දිසානායක මහතාට බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් පැවසීය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණිය හැකිවන්නේ හෙට (6දා) නැවතත් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ විට බව ද හෙතෙම සඳහන් කළේය.
එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙට නැවතත් රැස්වෙන අතර ඊට පෙර එජාප නායකයින් අද (05දා) රැස්වී හෙට එම රැස්වීමේදී සාකච්ඡුා කළ යුත්තේ මොනවාදැයි තීරණය කරන බව මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කීය.
මහ ලේකම් ධුරය රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත ලබාදීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය එකග නොවුණහොත් එහිදී ගැටලූකාරී තත්ත්වයක් මතුවන බවද ඉහත පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා වැඩිදුරටත් පැවසීය.
(Lanka Leads)