ලකුණ මාරු කරන්නට ගොස් ශ්‍රීලනිපයට අත් වූ ඉරණම එජාපට ද අත්වීමට ඉඩ නොතබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසනවා. ඒ නිසා මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් කුමන සන්ධානයක් පිහිටවූවද මැතිවරණයට ඉදිරිපත් වන්නේ අලියා ලකුණින්ම බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
රංගෙ බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේ සිරිකොත එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
එජාප මන්ත්‍රීවරුන් බහුතරයකගේ තීරණය එය බවත්, එජාප මන්ත්‍රීවරුන් 58 දෙනෙකු එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හමු වී මේ බව දන්වා සිටින බවත් රංගෙ බණ්ඩාර මහතා පවසනවා. මෙම ස්ථාවර සම්බන්ධයෙන් ඉතිරි මන්ත්‍රීවරුන් 19 දෙනා සමග ද සාකච්ඡා කරන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සන්ධානයක් පිහිටුවීම සඳහා සූදානම් වන අතර මේ වනවිට නව සන්ධානයේ ලේකම් ඇතුළු තනතුරු සඳහා ද පුද්ගලයන් නම්කර තිබේ.
(LNW)