ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර බිහිකෙරෙන නව සන්ධානයේ නාමයෝජනාවලින් 30%ක ප්‍රමාණයක් ලබාදෙන ලෙස ශ්‍රීලනිපය කරන ඉල්ලීම දැඩි අසාධාරණ එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
ඒ වෙනුවට දැනට පාර්ලිමේන්තුවේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට සහ තවත් 10 දෙනෙකුට පමණක් නාමයෝජනා ලබාදීමට නම් හැකි බවයි ඒ මහතා සඳහන් කළේ.
"බැලූ බැල්මටම මෙය ඉතාම අසාධාරණ ඉල්ලීමක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ වෙලාවේ අපේ ව්‍යාපාරය තුළ, අපේ බලකඳවුර තුළ තියෙන්නෙ 10%ක වැඩිම ඡන්ද ප්‍රමාණයක්. ඊට වැඩිවෙන්නෙ නෑ කිසිම ස්ථානයක. ඒකනිසා 30%ක අපේක්ෂකයින් පිරිසක් ඉල්ලා සිටීම කිසිසේත්ම සාධාරණ නෑ කියන ස්ථාවරයේ අප සිටින්නේ.
ඒ වෙනුවට අප යෝජනා කරනවා දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සියලු දෙනාට නාමයෝජනා දෙන්නත් ඒ හැරුණාම තවත් විශේෂිත පුද්ගලයින් කිහිප දෙනෙක්ට නාමයෝජනා 10ක පමණ ප්‍රමාණයක් ලබා දීමත් තමයි සුදුසු වෙන්නෙ. 30% ඉල්ලීම කිසිසේත්ම සාධාරණ ඉල්ලීමක් වන්නේ නෑ" යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.
චන්න ජයසුමන මහතා මේ බව පැවසුවේ ඊයේ (03) අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
(LNW)