ඉදිරියේදී ඇති කර ගැනීමට නියමිත ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සම සංවිධායකවරු ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත‍්‍රිපාල සිරිසේන සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ වනවිටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නම යෝජනා කර ඇති අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ බැසිල් රාජපක්ෂ මහතා නම් කිරීමට තීරණය කර ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයක් ගොඩනැඟීම සඳහා පවතින නෛතික ගැටලූ මේ වනවිට විසඳා ඇති බවත් එහි මුල්ම පියවර ලෙස පොදුජන එක්සත් පෙරමුණේ නම වෙනස් කර ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට ඒකාබද්ධ කිරීමට පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභාව විසින් පසුගියදා ඒකමතිකව තීන්දු කළ බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
(Lanka Leads)