Monday, January 19, 2026
Follow Us
එජාපෙ අලුත් සන්ධානයට වෙනත් ලකුණු බෑ… රනිල් අලියා ඉස්සරහට ගනී

විපක්ෂනායක සජිත් ‌ප්‍රේමදාස මහතා විසින් බිහිකිරීමට නියමිත නව සන්ධානය කඩාකප්පල් කිරීමේ ‌මෙහෙයුමක් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන් ආරම්භ වී ඇති බව අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව නව සන්ධානය නව ලකුණක්, නව නමක් යටතේ ලියාපදිංචි කිරීමට ‌ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය තීන්දු කර තිබුණද අලියා ලකුණ යටතේ ඉදිරි මැතිවරණය තරග කිරීමට වික්‍රමසිංහ පාර්ශ්වය තීන්දු කර ඇති බව පැවසේ.

ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ‌මෙම ‌යෝජනාව ඉදිරිපත් ‌කොට සම්මත කරගැනීමට වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.

(Lanka Leads)