Saturday, July 12, 2025
Follow Us
නව සන්ධානයේ මහ ලේකම් ධුරය නම් 6ක් එපා: – රනිල් කියයි

පිහිටුවීමට යන පුළුල් දේශපාලන සන්ධානයේ මහ ලේකම් ධුරය සඳහා රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, තිස්ස අත්තනායක, අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ, සහ නලින් බණ්ඩාර යන අයගෙන් කිසිවකුත් පත් නොකරන්නැයි එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

එම හයදෙනා කලහකාරීන් වන බැවින් ඔවුන් සමග සාමූහිකව වැඩ කිරීමට නොහැකි බැවින් සන්ධානයේ මහ ලේකම් ධුරයට මෙම කිසිවකුගේ නම් යෝජනා නොකරන ලෙසද වික‍්‍රමසිංහ මහතා ඉල්ලා තිබේ.

ඉදිරි මහ මැතිවරණය සඳහා තරග කිරීමට එක්සත් ජාතික පක්‍ෂය පුළුල් සන්ධානයක් ගොඩනැඟිය යුතු බවට එම පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තීරණය කළ අතර එම සන්ධානයේ මහ ලේකම් ධුරය සඳහා සුදුස්සකු නම් කිරීමේ බලය සජිත් පේ‍්‍රමදාස මහතා වෙත පවරා තිබිණි.

එබැවින් ඉහත හයදෙනා හැර වෙනත් අයකුගේ නමක් යෝජනා කර එවන ලෙසද රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඉල්ලා ඇති අතර ලබන 6 වැනිදා පැවැත්වෙන ඊළඟ කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීමේදී එම නම යෝජනා කර සම්මත කර ගැනීමට නියමිතය.

(Lanka Leads)