Friday, October 18, 2024
Follow Us
අන්තවාදයට උඩ ගෙඩි දෙන අයගේ අග මුල හොයාගෙන හරි තැනට ඇණේ ගැහුවේ විමල් වීරවංශයි

අන්තවාදයට උඩගෙඩි දෙන පුද්ගලයන් සම්බන්ධයෙන් අග මුල සොයා ගෙන ඒ පිළිබඳවව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පමණක් බව තමන් පිළිගන්නා බවත්, ඔහු හරියටම තැනේ හැටියට ඇණේ ගැසූ බවත් මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා පවසයි.

හිරු රූපවාහිනි නාලිකාවේ ”හාර්ඩ් ටෝක්” වැඩසටහනට පසුගිය 9 වනදා සම්බන්ධ වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළ අතර පහතින් දැක්වෙන්නේ මන්ත්‍රීවරයා සහ නිවේදකයා අතර කෙරුණු සංවාදයක්යයි.

විමල් වීරවංශ මහතා කියනවා වගේ ඇමෙරිකාවද?

‘‘විමල් වීරවංශ මහතා කියනවා වගේ එතුමා කියන කතාවෙන් හරියටම තැනට ඇනේ ගැහුවා. එතුමා එතුමා විතරයි හරියටම අග මුල හොයාගෙන කතා කළේ. ඒක මම පිළිගන්නවා. නමුත් එතුමාට වගේ මට කතා කරන්න බැහැ. ඒවා භයානක දේවල් ඒවා කතා කරන්න ගිහින් අපිට අනා ගන්න බැහැ. මගේ ජනයා මීට වඩා විශාල හානියකට තල්ලු කරන්න බැහැ‘‘

(Lanka Leads)