Monday, January 19, 2026
Follow Us
ශ්‍රීලනිප සහ පොහොට්ටුව ඉදිරි සතියේදී තීරණාත්මක සාකච්ඡාවල

එළඹෙන මහ මැතිවරණය සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ එක්ව සන්ධානයකින් තරග කිරීම පිළිබඳ අවසන් තීරණය ඉදිරි සති කිහිපය තුළ ගනු ඇතැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පවසනවා.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කළේ.

එම සන්ධානය ගොඩ නැගීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිටත් අවසන් කර ඇති බවයි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස වැඩිදුරටත් පැවසුවේ.

(Neth)