පොදුජන එක්සත් පෙරමුණ ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස වෙනස් කිරීමට පොදුජන එක්සත් පෙරමුණ විධායක සභාව තීරණය කළ ද පොහොට්ටුව ලකුණින් පමණක් තරග කිරීමට පොදුජන පෙරමුණේ බහුතරය තීරණය කර තිබෙනවා.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (30) රාත‍්‍රී පැවති විධායක සභා රැස්වීමේදී තීරණය කර තිබුණේ පුටුව ලකුණින් තරග කිරීමටයි.
කෙසේ නමුත් නව සන්ධානයේ බලතල සහිත මහ ලේකම් තනතුර බැසිල් රාජපක්ෂ මහතාට ලබාදිය යුතු බව ද පොදු ජන පෙරමුණ පවසනවා.
මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවීමට යෝජිත ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන පෙරමුණ සන්ධානයට සම නායකයන් ලෙස මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරු පත් කරන බවට දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයට විරෝධය දක්වමින් එවැනි දෙයකට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ එකගවී නොමැති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.
(Lanka Leads)