Monday, January 19, 2026
Follow Us
විමල්ගෙන් කර්මාන්තකරුවන්ට වෙනම දිනයක්

කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලී සිටින සියලු පිරිස්වල ගැටළු හඳුනා ගනිමින් ඒවාට කඩිනමින් විසදුම් ලබා දිම සඳහා සෑම සතියකම සඳුදා දින උදය වරුව වෙන් කළ බවත් 73/1, ගාලු පාර, කොල්ලුපිටිය පිහිටි අමාත්‍යාංශ කාර්යාලයේදී තමන් හමු වී එම පිරිස්වලට ගැටළු ඉදිරිපත් කළ හැකි බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව, ඔඩ්ඩුසුඩාන් උළු හා ගඩොල් කර්මාන්ත ශාලාව වැනි දැනට වසා දමා ඇති රාජ්‍ය ව්‍යවසායන් යළි පණ ගැන්වීමේ කටයුතු දැනටමත් සිදු වන බවත් ඉදිරි මාසය තුළ ඒවායේ මුල් අදියර නිෂ්පාදන කටයුතු ඇරඹෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

පරන්තන් කෙමිකල්ස් සමාගම, කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව වැනි රාජ්‍ය සමාගම් ද රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයම ඒකාබද්ධව යොදා ගනිමින් යළි පණ ගැන්වීමට සූදානම් බව ද වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

(Lanka Leads)