Saturday, July 12, 2025
Follow Us
පොදුජන සන්ධානයේ ඡන්ද සටන මෙහෙයවීම අගමැති මහින්ද යටතට

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ ඡන්ද සටන මෙහෙයවීම, පොදුජන පෙරමුණේ නායක, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සිදු කෙරෙනු ඇතැයි වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මැතිවරණ සටන මෙහෙයවීමට එක්වනු ඇති අතර පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙයුම් කළමණාකරු වශයෙන් කටයුතු කරනු ඇතැයිද එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ස ගණනාවක් එක්ව, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් නව සන්දානයක් පිහිටුවා ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමට දැනටමත් තිරණය කර ඇත. එම සන්ධානයේ එක් එක් පක්ෂ වලට හිමිවන අපේක්ෂක සංඛ්‍යාව ආදිය ඉදිරි සති කිහිපය තුළ සාකච්ඡා කර තීරනය කෙරෙනු ඇත.

(Lanka Leads)