Saturday, July 12, 2025
Follow Us
මහින්ද, රනිල් දෙන්නාටම ඇතුළේ අර්බුද තියෙනවා. එයාලා දැන් එක ඉත්තේ පොල් - ජවිපෙ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යන දෙදෙනාටම මේ වනවිට නායකත්වය සම්බන්ධයෙන් අභ්‍යන්තර අර්බුදවලට මුහුණ පෑමට සිදුව ඇති බවත් ඒ අනුව ඔවුන් දෙදෙනාම එක ඉත්තේ පොල් බවට පත් වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පවසයි.

"මහින්ද මහත්තයයි රනිල් මහත්තයයි අතරේ දැන් අමුතුම ලෙංගතුකමක් ඇවිල්ලා තියෙනවා. කොරෝනාව දැන් මේ දෙන්නටම ආශිර්වාදයක් බවට පත්වෙලා තියෙනවා. දැන් කොරෝනාවට අදාළ මුඛ වාඩම් ගේන්න දෙන්නා දැන් සාකච්ඡා කරගන්නවා. මොකද දෙන්නා දැන් ඉත්තේ පොල් බවට පත්වෙලා තියෙනවා. එක බැච් එකේ දැන් ඉන්නෙ.

දෙන්නටම තියෙන ප්‍රශ්න එක සමානයි. එකක් තමයි, රනිල් මහත්තයාටයි මහින්ද මහත්තයාටයි දෙන්නටම තියෙන එක ප්‍රශ්නයක් තමයි බලය පිළිබඳ ප්‍රශ්නය. ඇතුළෙ අර්බුදයක් තියෙනවා. නායකත්වය පිළිබඳ ප්‍රශ්නය. අර්බුදයක් තියෙනවා. මහබැංකුව මංකොල්ල කාලා තියෙනවා, දැන් දෙන්නටම චෝදනාව එල්ල වෙලා තියෙනවා.

මේ හැම පැත්තකින්ම ගත්තාම දෙන්නා දැන් සමාන වෙලා තියෙනවා. ඒ සමානතාවයත් එක්ක දෙන්නා දැන් සාකච්ඡා කරනවා. දෙන්නා අතරෙ තියන ඩීල් එක හොඳින් දැන් පෙන්නලා තියෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (31) දඹුල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)