Monday, January 19, 2026
Follow Us
පාර්ලිමේන්තුවට නළු නිළියන් එවන්න එපා, බුද්ධිමතුන් එවන්න - ගීතා කුමාරසිංහ

මීළඟ මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවට නළු නිළියන් නොව බුද්ධිමතුන් තෝරා පත් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී, හිටපු සිනමා නිළි ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

"දැන් නළුවෝ එනවලු ඡන්දෙට. මං සම්මාන ගත්තා සිනමාවෙ ඉන්න කාලෙ, හැබැයි මම දේශපාලනයට ආවෙ සිනමාවට ආයුබෝවන් කියලා. ඔය සිනමාවෙ ඉන්න ගමන් මේක කළේ නෑ. එහෙම කළොත් ඔය දැන් ඇවිල්ලා ඉන්න අයට වඩා හපන් වෙයි.

අපි ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළට ගිහිල්ලා ජීවිතේ ලොකුවට ගොඩනඟා ගත්තට පස්සෙයි දේශපාලනයට ආවෙ උපන් ප්‍රදේශයට යමක් කරන්න ඕනෙයි කියලා.

ජනතාවට කියන්නෙ පාර්ලිමේන්තුවට යවන කොට හොඳ බුද්ධිමත් අය තෝරගන්න. ශිෂ්ඨ සම්පන්නව ඉන්න අය තෝරගන්න. හොරුන්ව තෝරගන්න එපා. දූෂිතයින්ව තෝරගන්න එපා. ඔබ වෙනුවෙන් කැපවුණු අය, ඔබ වෙනුවෙන් යමක් කරන්න ඕනෑ කමක් තියෙන අය පමණක් තෝරගන්න කියලා මම ඉල්ලා සිටිනවා" යනුවෙනුයි ඒ මහත්මිය සදහන් කළේ.

ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (31) ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය අමතමිනි.

(LNW)