Monday, January 19, 2026
Follow Us
පොහොට්ටු - ශ්‍රීලනිප සන්ධානය කඩිනමින්

ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස ඉදිරි දේශපාලන කටයුතු යුහුසුළුව සිදුකරන බව පොදුජන එක්සත් පෙරමුණේ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නියෝජිතයන් පවසනවා.

මෙම නව සන්ධානය සදහා වූ ව්‍යවස්ථාව ඊයේ සම්මත කර ගැණුනේ දෙපාර්ශවයේම එකඟත්වයෙන්. ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණ, ශී‍්‍ර ලංකා පොදුජන එක්සත් පෙරමුණ ලෙස ඉදිරි කටයුතු කිරීමට එම පෙරමුණේ විධායක කමිටුව ඊයේ තීරණය කළා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම විධායක කමිටු රැස්වීම පැවැත්වුණේ එම පක්‍ෂ මූලස්ථානයේදීයි.

(Neth)