2020 අගෝස්තු මාසය වන තෙක්ම මහමැතිවරණයක් නොපැවැත්වෙනු ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විසින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහතික වී ඇතැයි වාර්තා වේ.
දැනට විදෙස්ගත සිටින බැසිල් රාජපක්ෂ මහතා සමඟ රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පැවැත්වූ දුරකථන සංවාදයකදී බැසිල් රාජපක්ෂ මහතා විසින් මේ බව ප්‍රකාශ කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
මෙහිදී රටේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳ සාකච්ඡාවට ලක්ව ඇති අතර රජයක් වශයෙන් මුහුණ දිය යුතු ප්‍රශ්න ගණනාවක් මෙන්ම පක්ෂයක් වශයෙන් මුහුණ දිය යුතු අභ්‍යන්තර අර්බුද ගණනාවක්මත් පවතින හෙයින් ඊට විසඳුම් සෙවීම සඳහා යම් කාලයක් අවශ්‍ය බව බැසිල් රාජපක්ෂ මහතා විසින් සඳහන් කර ඇත.
එසේම මහමැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ තමන් විසින් බව අවධාරණය කර ඇති ඒ මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අගෝස්තු මාසය දක්වා කල් ඇති හෙයින් හදිසි මැතිවරණයක් කරා යාමට කොහෙත්ම අවශ්‍යතාවයක් තමන්ට නොමැති බවත් ස්ථිරවම පවසා ඇති බව සඳහන්.
ඒ අනුව මෙම දුරකථන ඇමතුමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා ද මහත් සැනසිල්ලෙන් කාලය ගත කරන බවයි සමීප ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
(LNW)