Monday, January 19, 2026
Follow Us
මොකද කරන්නේ? සජිත්ගේ තීරණය අද

පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ ගනු ලැබූ තීන්දු පිළිබඳව අද (31 වැනිදා) දිනය වන විට අවසන් තීරණයක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය පවසයි.

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මලික් සමරවික්‍රම හා කබීර් හෂීම් අතර ඊයේ (30 වැනිදා) රාත්‍රියේ සාකච්ඡාවක් ද පැවැති බව වාර්තා වෙයි. එහිදී ගනු ලැබූ තීරණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැනුවත් කිරීමෙන් පසු අවසන් තීරණය අද (31 වැනිදා) ගන්නා බව සජිත් ප්‍රේමදාස පාර්ශ්වයේ මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ.

(Lanka Leads)