පොදුජන පෙරමුණ, ශ්‍රීලනිපය ඇතුළු දේශපාලන කඳවුර ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන දේශපාලන ලකුණ පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. ශ්‍රීලනිපයටද ලකුණ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව දන්වා ඇතැයිද ගම්මන්පිල මහතා පවසයි.
බහුතර ජනතාවගේ ප්‍රියතම ලකුණ වී ඇත්තේ නෙළුම් පොහොට්ටුව බවත්, එහෙත් එය වෙනස් කළද කිසිදු ගැටලුවක් නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා. ගංජා මලෙන් ඉදිරිපත් වුවද මහ මැතිවරණයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බවයි උදය ගම්මන්පිල මහතා අවධාරණය කරන්නේ.
කඩවත ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා මේ බව පවසා තිබෙනවා.
මේ මොහොතේ ඡන්ද ලකුණ සම්බන්ධයෙන් තර්ක කිරීම නොව සිදුකළ යුත්තේ සන්ධානය ගොඩනැගීම බවත්, එහි වැඩි වගකීමක් ඇත්තේ ශ්‍රීලනිපයට බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ ඊට අදාල කාර්යයන් ශ්‍රීලනිප පාර්ශ්වය විසින් නොපමාව ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
(LNW)